Monday, June 6, 2022

රූපණය යනු කුමක්ද


රූපණය ලොව කොතැනක කුමන ආකාරයකින් ආරම්භ වූවාදැයි නිශ්චිතව හඳුනා ගැනීමට සාධක නැති තරම්ය දඩයම් යුගයේදී පාෂාණ යුගයේ දී ආදී මානවයා සන්නිවේදන මාධ්‍යයක් ලෙස අනුකරණය භාවිත කර ඇති බවට ඓතිහාසික සාක්ෂි අපට හමුවෙයි හුවමාරු කර ගැනීම සඳහා තමා අත්විඳි දෑ කර පෙන්වූහ ත් මෙය රඟපෑම යනුවෙන් ගිණිය නොහැක කෙසේ නමුදු නාට්‍ය ඉතිහාසය තුළ රූපණය කෙසේ පහළ වූයේ දැයි නිශ්චිත නොවුවද ක්‍රිස්තු පූර්ව 534 දී පමණ ග්‍රීසියේ දියෝනිසස් ඇදහිල්ල මගින් සංවිධිත රූපණ කලාවක් බිහිවන්නට ඇතැයි අනුමාන කල හැකිය. රඟපෑම යන්න පුළුල් අර්ථයෙන් ගත්කල රූපණය ලෙස හැඳින්විය හැකි බව දැන් අපි දනිමු රූපණය සම්බන්ධයෙන් විශ්ව නාට්‍යකරුවන් විවිධ අදහස් පළ කර ඇති අතර මේ අතරින් සුවිශේෂී මතයක් ඉදිරිපත් කර ඇත්තේ ස්ටැනිස්ලාව්ස්කි නාට්‍යකරුවාය ඔහු රෝපණය ගැන සුවිශාල කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇතත් එය සැකෙවින් ගත්කල ලාව්ස්කිගෙ රූපණ මතවාදය අනුව රූපණය කොටස් හතරකට බෙදෙයි.

1. අංග චලනය(සංචලන) - Movement 

2 ස්වරය - Voice

3 කථනය - Speech 

4 සමාරෝපය - Impersonation

 

රූපණ කාර්යයේ දී නළු නිළියන් යම් චරිතයක් නිරූපණය කරමින් ඉටුකරන කාර්යය භූමිකාව (Role) ලෙස හඳුන්වන අතර එක් චරිතයක් සඳහා භූමිකා රැසක් පැවතිය හැකිය ස්ටැනිස්ලව්ස්කි ප්‍රකාශ කරන ආකාරයට අනුව යම් භූමිකාවක් සාර්ථකව නිරූපණය සඳහා මෙම මූලික අංග සමානව ඉදිරිපත් කළ යුතුව ඇත එමෙන්ම අවබෝධය, සන්නිවේදනය, චිත්ත ඒකාග්‍රතාවය, පරිකල්පනය, සහසම්බන්ධතාවය, අනුකරණය, නිරීක්ෂණය, ස්මරණය, ක්ෂණික නිරූපණය, අනුවර්තනය යන මූලිකාංග ද මනාව ප්‍රකට කිරීම මගින් සාර්ථක චරිත නිරූපණයක් සිදු කළ හැකි බව තවදුරටත් ලාව්ස්කි ප්‍රකාශ කර ඇත.

 

සාර්ථක චරිත නිරූපණයක් එසේත් නැතිනම් රූපණයක් සඳහා ඉහත සඳහන් මේ මූලධර්ම නළු නිළියන් මගින් සාර්ථකව ප්‍රකාශ විය යුතු බව අපට මෙහිදී සිතා ගත හැකිය.

 

රූපණය පිළිබඳ මතවාදයක් ඉදිරිපත් කළ එකම නාට්‍යකරුවා ස්ටැනිස්ලව්ස්කි පමණක් නොවන අතර ඔහුගෙන් පසුව ඔහුගේ හොදම ගෝලයා ලෙස ප්‍රකට වූ මයිකල් චෙකොෆ් නැමතී නාට්‍යකරුවා විසින්ද Alexander Technic යනුවෙන් තවත් රූපණ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත මෙම රූපණ ක්‍රමවේදය ගැන මේ වන තෙක්  ලංකාවේ පාසල් පද්ධතියේ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශවලට කොයිම විදිහකින් වත් ඇතුලත් කිරීමක් සිදු කර නොමැත



නමුත් ඔබට මේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඇවැසි නම් අන්තර්ජාලය පරිශීලනය කිරීම මගින් මයිකල් චෙකොෆ් නාට්‍ය කරුවා ඉදිරිපත් කළ රූපණ මතවාදය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය..

 

ස්තූතියි

No comments: