Monday, August 29, 2022

8 ශ්‍රේණිය දරුවන්ට නාට්‍ය හා රංග කලාව පාඩමක්

 https://youtu.be/Ob2n9m9YlfI

Monday, June 6, 2022

රූපණය යනු කුමක්ද


රූපණය ලොව කොතැනක කුමන ආකාරයකින් ආරම්භ වූවාදැයි නිශ්චිතව හඳුනා ගැනීමට සාධක නැති තරම්ය දඩයම් යුගයේදී පාෂාණ යුගයේ දී ආදී මානවයා සන්නිවේදන මාධ්‍යයක් ලෙස අනුකරණය භාවිත කර ඇති බවට ඓතිහාසික සාක්ෂි අපට හමුවෙයි හුවමාරු කර ගැනීම සඳහා තමා අත්විඳි දෑ කර පෙන්වූහ ත් මෙය රඟපෑම යනුවෙන් ගිණිය නොහැක කෙසේ නමුදු නාට්‍ය ඉතිහාසය තුළ රූපණය කෙසේ පහළ වූයේ දැයි නිශ්චිත නොවුවද ක්‍රිස්තු පූර්ව 534 දී පමණ ග්‍රීසියේ දියෝනිසස් ඇදහිල්ල මගින් සංවිධිත රූපණ කලාවක් බිහිවන්නට ඇතැයි අනුමාන කල හැකිය. රඟපෑම යන්න පුළුල් අර්ථයෙන් ගත්කල රූපණය ලෙස හැඳින්විය හැකි බව දැන් අපි දනිමු රූපණය සම්බන්ධයෙන් විශ්ව නාට්‍යකරුවන් විවිධ අදහස් පළ කර ඇති අතර මේ අතරින් සුවිශේෂී මතයක් ඉදිරිපත් කර ඇත්තේ ස්ටැනිස්ලාව්ස්කි නාට්‍යකරුවාය ඔහු රෝපණය ගැන සුවිශාල කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කර ඇතත් එය සැකෙවින් ගත්කල ලාව්ස්කිගෙ රූපණ මතවාදය අනුව රූපණය කොටස් හතරකට බෙදෙයි.

1. අංග චලනය(සංචලන) - Movement 

2 ස්වරය - Voice

3 කථනය - Speech 

4 සමාරෝපය - Impersonation

 

රූපණ කාර්යයේ දී නළු නිළියන් යම් චරිතයක් නිරූපණය කරමින් ඉටුකරන කාර්යය භූමිකාව (Role) ලෙස හඳුන්වන අතර එක් චරිතයක් සඳහා භූමිකා රැසක් පැවතිය හැකිය ස්ටැනිස්ලව්ස්කි ප්‍රකාශ කරන ආකාරයට අනුව යම් භූමිකාවක් සාර්ථකව නිරූපණය සඳහා මෙම මූලික අංග සමානව ඉදිරිපත් කළ යුතුව ඇත එමෙන්ම අවබෝධය, සන්නිවේදනය, චිත්ත ඒකාග්‍රතාවය, පරිකල්පනය, සහසම්බන්ධතාවය, අනුකරණය, නිරීක්ෂණය, ස්මරණය, ක්ෂණික නිරූපණය, අනුවර්තනය යන මූලිකාංග ද මනාව ප්‍රකට කිරීම මගින් සාර්ථක චරිත නිරූපණයක් සිදු කළ හැකි බව තවදුරටත් ලාව්ස්කි ප්‍රකාශ කර ඇත.

 

සාර්ථක චරිත නිරූපණයක් එසේත් නැතිනම් රූපණයක් සඳහා ඉහත සඳහන් මේ මූලධර්ම නළු නිළියන් මගින් සාර්ථකව ප්‍රකාශ විය යුතු බව අපට මෙහිදී සිතා ගත හැකිය.

 

රූපණය පිළිබඳ මතවාදයක් ඉදිරිපත් කළ එකම නාට්‍යකරුවා ස්ටැනිස්ලව්ස්කි පමණක් නොවන අතර ඔහුගෙන් පසුව ඔහුගේ හොදම ගෝලයා ලෙස ප්‍රකට වූ මයිකල් චෙකොෆ් නැමතී නාට්‍යකරුවා විසින්ද Alexander Technic යනුවෙන් තවත් රූපණ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත මෙම රූපණ ක්‍රමවේදය ගැන මේ වන තෙක්  ලංකාවේ පාසල් පද්ධතියේ නාට්‍ය හා රංග කලාව විෂය නිර්දේශවලට කොයිම විදිහකින් වත් ඇතුලත් කිරීමක් සිදු කර නොමැත



නමුත් ඔබට මේ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඇවැසි නම් අන්තර්ජාලය පරිශීලනය කිරීම මගින් මයිකල් චෙකොෆ් නාට්‍ය කරුවා ඉදිරිපත් කළ රූපණ මතවාදය පිළිබඳ අවබෝධයක් ලබාගත හැකිය..

 

ස්තූතියි

Wednesday, June 1, 2022

රංගාලෝකය....

නාට්‍යයක ආනුශාංගික අංග පිළිබඳව කතා කිරීමේදී නාට්‍යයක් සඳහා සුවිශේෂී මෙහෙයක් කරනු ලබන ආනුෂාංගික අංගයක් ලෙස රංගාලෝකය හඳුන්වාදිය හැකිය රංගාලෝකය ඉතිහාසය ගැන කතා කිරීමේදී එය ගෝත්‍රික අවධිය දක්වා දිවයයි ගෝත්‍රික අවධියේ මිනිසාගේ ජීවනෝපාය වූයේ සතුන් දඩයමයි තරුණ පිරිමින් දඩයමට පිටත්ව ගිය පසු වාසස්ථානවල ඉතිරි වන කාන්තාවන් මහලු අය සහ කුඩා දරුවන්ට දඩයමේ ගිය අය දවල් කාලයේ දී මුහුණ දුන් අත්දැකීම දැක ගැනීමට සැලැස්වීම සඳහා ඔවුන් කළේ රාත්‍රී කාලයේ සියලු දෙනා එක්වී ගිනිමැලයක් දල්වා ඒ ගිනිමැලය වටා තමන් දිවා කාලයේ සතුන් දඩයම් කළ ආකාරය අනුකරණයෙන් ඉදිරිපත් කිරීමයි. ලෝක නාට්‍ය කලාවේ ආරම්භය මෙලෙස සිදු වුවා යයි සැලකේ අනුකරණ ක්‍රියාවලිය සඳහා ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව ආලෝකය භාවිත කර තිබුණි ඒ අනුව අපට ප්‍රකාශ කළ හැක්කේ එදා ඒ ගෝත්‍රිකයන් දැල්වු ගිනිමැලය ලොව ප්‍රථම රංගාලෝකකරණය බවයි. ලංකාවේ නාට්‍ය කලාව දෙස බැලීමේදී සොකරි කෝලම් ගැමි නාටක වල රංගාලෝකය සඳහා පන්දම් ආලෝකය භාවිත වූ අතර නාඩගම් නාට්‍ය කලාවේදී "කිට්සන් පහන්"නම් ආලෝක පහන් වර්ගයක් භාවිත වූ බව සඳහන් වේ ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවේ රංගාලෝකය වෙනසක් ඇති වන්නේ ලංකාවට නූර්ති පැමිණීමත් සමඟය නූර්ති නාට්‍ය රඟ දැක්වූයේ ගෘහස්ථ රංග ශාලා වල පමණි එමනිසා නූර්ති නාට්‍ය සඳහා අනිවාර්යෙන්ම රංගාලෝකය අවශ්‍ය විය ඒ අනුව විදුලියෙන් ක්‍රියාත්මක වන රංගාලෝක පද්ධතියක් මුලින්ම භාවිත වූයේ නූර්ති සඳහාය අඳුර පලවා හැරීමේ අරමුණින් පමණක් ම භාවිත වූ රංගාලෝකය අද වන විට නාට්‍යයේ අදහස් ප්‍රකාශන මාධ්‍යයක් ලෙස ද භාවිත වේ.

ආලෝක පහන් වර්ග --

යොමු පහන (spot light)
වේදිකාවේ යම් නිශ්චිත ප්‍රදේශයක් ආලෝකමත් කිරීම සඳහා මේ පහන යොදා ගනී යම්කිසි චරිතයක් සුවිශේෂී කර දැක්වීම සඳහා යම්කිසි චරිතයක් පමණක් ප්‍රේක්ෂකයාට පෙන්වීම සඳහාත් මෙම පහන භාවිත කරයි වේදිකාවේ ස්ථාන හතරක් ප්‍රධාන වශයෙන් යොමු පහන් වලින් අලෝකමත් කරනු ලබයි මෙම පහන් වර්ග සඳහා උත්තල කාච භාවිත කරයි යොමු පහණක බල්බය ධාරිතාව 500w පමණ ආරම්භ වේ ලාම්පුවේ මුහුණතට සවිකර ඇති ලීවරයක් කරකැවීම මගින් ලාම්පුවෙන් නිකුත් වන ආලෝක ලපය ලොකු කුඩා ලෙස වෙනස් කරගත හැක එමෙන්ම ලාම්පුවේ මුහුනතට වර්ණ පෙරහන තහඩු යෙදීමෙන් අවශ්‍ය වර්ණය ද ලබාගත හැක. යොමු පහන් නාට්‍යක භාවිතා කිරීමට උදාහරණයක් ලෙස දයානන්ද ගුණවර්ධනයන්ගේ ජමන් පුවත නාට්‍ය යේ එන අවස්ථාවක් දැක්විය හැකිය ගජමන් නෝනා ඇලපාත මුදලි අතර කවි සංවාදයක් ඇති වන අවස්ථාවේදී ගජමන් නෝනා පහළ දකුණේත් ඇලපාත මුදලි පහළ වමේත් සිටින අතර වේදිකාව සම්පූර්ණයෙන් අඳුරු කර ගජමන් නෝනා කවි ගායනා කරන විට ඇයට පමණක් යොමු පහනක් භාවිතයෙන් ආලෝකමත් කරන අතර ඇලපාත මුදලි කවි ගායනයේ දී ඔහුට පමණක් යොමු පහනක් යොමුකර ආලෝකමත් කරනු ලබයි.

පැති යොමු පහන් (profile spot lights)

ඉහතින් කතා කර ඇති සාමාන්‍ය යොමු පහණකට සමාන වන අතර වේදිකාවේ දෙපස පැති තිර අතර වේදිකාව දෙසට යොමුකර පැති යොමු පහන් සවි කර ඇත



ධාරා පහන් (flood light)

ආලෝක කදම්භයක් ෂණිකව වේදිකාව පුරා විහිදුවාලීමට ධාරා පහණ භාවිත කරයි සරල පහණ ක් වන මෙහි මුහුණතෙහි හැරුණු විට අනෙක් සෑම පැත්තකම පරාවර්තක සවිකර ඇත මෙයින් විසිරුණු ආලෝකයක් නිකුත් වන අතර නිශ්චිත ස්ථානයකට යොමු කළ නොහැක මෙය බොහෝ දුරට ගනිකාව ආලෝකමත් කිරීමටත් වේදිකාව පොදුවේ ආලෝකමත් කිරීමටත් භාවිත වේ.



ආලෝක පෝලු (strip ligth/batten light)

මැදිරි 6,9 හෝ 12 වශයෙන් වෙන් කරන ලද එකට සවි කළ කුඩා ලාම්පු පෙලකි මෙය බහුලවම භාවිත කරනුයේ ගගනිකාව ආලෝකමත් කිරීමටයි ඒවා ගනිකාව ඉදිරියෙ බිම ඉදිරිපසින් හෝ උඩ රඳවා ඇත නිල් රතු කහ යන වර්ණ තුනෙන් තුන වෙන් වෙන්ව circuit තුනකට වෙන් වෙන්ව බලලය සැපයිය හැකි ආකාරයට සකසා ඇත.



ක්ෂණ පහන් (strobe light)

ක්ෂණික ආලෝකයක් වේදිකාව මතට පතිත කර යම් ආලෝක ප්‍රයෝගයක් ඇති කිරීමට ක්ෂණ පහන් යොදා ගනී තප්පර දහයක් තුළ විසි වතාවක් පමණ මෙම ලාම්පුව දැල්වීම හා නිවීම සිදුවෙයි බොහෝ දුරට වේදිකාව තුළ විදුලි කෙටීම කලබල අවස්ථාවන් යුද්ධය වැනි අවස්ථාවන් පෙන්වීමට මෙම ක්ෂණ පහන යොදාගනු ලබයි උදාහරණයක් විදිහට ජයලත් මනෝරත්න මහතාගේ ගුරු තරුව නාට්‍ය සාහිත්‍ය ගුරුතුමා ට පහර දෙන අවස්ථාවේ දී එහි ඇති කලබලකාරී ස්වභාවය පෙන්වීම සඳහා ක්ෂණ පහනක් භාවිත කරයි.



අල්ට්‍රා වයලට් පහන

මෙම පහන් විශේෂය සුදු පැහැයට පමණක් ප්‍රතිචාර දක්වයි ultra-violet පහනක් වේදිකාවට එල්ල කර ඇති විට වේදිකාව තුළ ඇති සුදු පැහැ දේවල් පමණක් ප්‍රේක්ෂකයාට පෙනෙයි මෙම පහණ ද විවිධ ප්‍රයෝග වේදිකාව මත මැවීම සඳහා භාවිත කරයි සාජන් නල්ලතම්බි නාට්‍යයේ කනත්තේ දර්ශන සහ අවතාර පැමිණෙන අවස්ථාව ආදී අවස්ථාවන් වලදී මෙම ultra-violet පහනක් භාවිතය මගින් විශේෂ ප්‍රයෝගයක් වේදිකාවේ මවනු ලබයි මෙම ultra-violet පහනක් වේදිකාවට එල්ල කරන විට අනෙකුත් සියළුම ආලෝක පහන් නිවා දමා වේදිකාව සම්පූර්ණයෙන්ම අඳුරු කර තිබිය යුතුය.



සෙවනැලි නිර්මිත පහන් (shadow light)

මේ පහණ බොහෝ විට භාවිත කරනු ලබන්නේ ගගනි කාව මත විවිධ සෙවනැලි මවාපාමින් විශේෂ ප්‍රයෝග වේදිකාව තුළ මැවීම සඳහා ය මේ සඳහා නිදසුනක් ලෙස දැක්විය හැක්කේ 2007 වර්ෂයේදී ජනප්‍රිය ජයසිංහ නිර්මාණය කළ රසෝජා වේදිකා නාට්‍යයේ දී මව පියා සහ දියණිය කාන්තාරය තරණය කරන අවස්ථාවේදී වේදිකාවට සෙවනැලි නිර්මිත පහණ එල්ල කිරීම මගින් ඔවුන්ගේ රූපය ගගනිකාව මත ඉතාමත් විශාල ආකාරයෙන් මවා පෙන්වීම සිදු කරනු ලබයි.



වර්ණ චක්‍ර (colour wheel)

රවුම් ආකාරයට සැකසු විවිධ වර්ණයන්ගෙන් යුත් තැටියත් මේ සඳහා භාවිත කරයි මෙම තැටිය කරකවමින් යොමු පහණක මුහුණතට අවශ්‍ය වර්ණය ලබාගත හැකිය.



ආලෝක ප්‍රයෝග ප්‍රක්ෂේපණය (light effect projector)

> වේදිකාවෙ විශේෂ ප්‍රයෝග සඳහා මෙම ප්‍රක්ෂේපනය භාවිත වේ උදාහරණයක් විදිහට හෙන්රි ජයසේනයන්ගේ හුණු වටයේ කතාව නාට්‍ය ජෝර්ජ් අබස්විල්ලි රජ්ජුරුවන්ගේ මාලිගාව ගිනිගැනීම පෙන්වීම සඳහා හුණු වටය කතාව නාට්‍යයේ දී භාවිත කරන්නේ මෙවැනි ආලෝක ප්‍රයෝග ප්‍රක්ෂේපණය කි මෙම ආලෝක ප්‍රයෝග ප්‍රක්ෂේපණය මගින් ගනිකාවෙ ගිනි දළු ස්වභාවයේ දර්ශනයක් මවා පාමින් රජ මාළිගාව ගිනිබත් වීම සංකේතවත් කරයි.



රංගාලෝක පාලක පුවරු(dimmer pack)

රංගාලෝක පද්ධතියේ සියල්ලක්ම මෙහෙයවීමට යොදන පාලක පුවරුව dimar යන්ත්‍රය ලෙස හැඳින්විය හැකිය වේදිකාව මත සහ ඉන් පිටත සවි කර ඇති සියළුම පහන් නිවීම දැල්වීම ආලෝකය අඩු කිරීම ආදී සියලුම පාලන කටයුතු සිදුවන්නේ මෙම රංගාලෝක පාලක පුවරුව හරහා ය සියම් නාට්‍යයක රංගාලෝක තාක්ෂණ ශිල්පියා නිරන්තරයෙන්ම නාට්‍යයේ ආරම්භයේ සිට අවසා නය තෙක්ම මෙම රංගාලෝක පුවරුව ඉදිරියේ රැඳී සිටි

ංගාලෝකයේ අරමුණු..

* රංගාලෝකය බිහිවන්නේම අඳුර පලවා හැරීම සඳහා ය ඒ අනුව රංගාලෝකයෙන් මුඛ්‍ය පරමාර්ථය වන්නේ වේදිකාව තුළ ඇතිවන හුදු අඳුර පලවා හැරීමයි.

* අඳුර පලවා හැරීමේ අරමුණින් බිහිවූ රංගාලෝකය පසු කල් යත් ම භාෂාවක් හැටියට භාවිතා වීමට පටන් ගැණුනි එනම් නාට්‍යයේ දී භාවිත වන වර්ණ වලින් යම් අදහසක් ප්‍රේක්ෂකයා වෙත ප්‍රකාශ කිරීමට රංගාලෝකය භාවිත කරනයි

කහා වර්ණය - නිරෝගී බව, සන්තෘෂ්ටිය, තාරුණ්‍ය. දම් වර්ණය - තේජස් බව රතු වර්ණය - මිනි මැරුම්, ලෙය, කුරිරු බව, යුද්ධය නිල් වර්ණය - ප්‍රේමය, සත්‍ය. කොළ වර්ණය - ගුප්ත බව

* නාට්‍යයක් බොහෝවිට ජවනිකා කීපයකින් යුක්තවේ ජවනිකාවෙන් තවත් ජවනිකාවක් වෙන් කිරීමට ප්‍රධාන තිරය වැසීමට අමතරව වේදිකාව අඳුරු කිරීම යොදාගැනේ ඒ අනුව ජවනිකාවෙන් තවත් ජවනිකාවක් වෙන් කිරීමද මෙහි අරමුණකි.

* නාට්‍යයක් වේදිකා ගත වන කාලය තුළ නාට්‍යයේ සිදුවීම් විවිධ කාලයන් වලට ගමන් කිරීම සිදුවේ නාට්‍යයේ කාලය හැඟවීමට ද රංගාලෝකය යොදාගනි ධර්මසිරි බණ්ඩාරනායකගේ යක්ෂාගමනය නාට්‍යයේ නඩු අසන දර්ශනය එහිදී නඩුව දින පහක් අසන බව හැඟවීම සඳහා වේදිකාව අඳුරු කර නැවත ආලෝකමත් කිරීම තුළ නළු නිළියන් ස්ථානගත කිරීම් සහ රංගවස්ත්‍ර වෙනස්කිරීම හා චන්ද්‍රාවති සමග රාත්‍රියක් නාට්‍යයෙ චන්ද්‍රාවති ජනේලය විවෘත කරන විට ගගනිකාවේ දිස්වන වර්ණය මගින් සැන්දෑව සහ උදෑසන හැඟවීම දැක්විය හැකිය.

* රංගාලෝක තවත් එක් ප්‍රධාන අරමුණක් ලෙස දැක්විය හැක්කේ නාට්‍යෝචිත අවස්ථා තීව්‍ර කර පෙන්වීමයි ගාර්ෂියා ලෝකාගේ යෙර්මා නැමැති නාට්‍යයේ අනුවර්තනයක් වෙන ගුණසේන ගලප්පත්ති විසින් නිෂ්පාදනය කළ මූදු පුත්තු නාට්‍යයේ තේගිස් විසින් දරුවා මරණ අවස්ථාව වඩාත් තීව්‍ර කර පෙන්වීමට වේදිකාව රතු පාට ආලෝකයක් තොටිල්ලට වැටෙන්නට සලස්වා සංගීතය ද මුසුකර එම අවස්ථාව වඩාත් තීව්‍ර කර පෙන්වනු ලැබේ.

* නාට්‍යයක ප්‍රේක්ෂාවලිය තුළ තාත්විකත්වය මායාව ඇති කිරීම සඳහා ද රංගාලෝකය සහ රංගාලෝක උපක්‍රම බොහෝ දුරට භාවිත කරනු ලැබේ උදාහරණයක් ලෙස හුණුවටයෙ කතාවේ ගනිකාව මත ගිනි දළු මැවීම දැක්විය හැකිය

*මීට අමතරව ද තවත් සුවිශේෂී කරුණු කීපයක් සඳහා නාට්‍යයකදී රංගාලෝක භාවිත කරනු ලැබේ එනම් වේදිකා පසුතල ඉස්මතු කිරීමට මනෝභාවයන් තීව්‍ර කිරීමට සහ චරිතයන් සුවිශේෂී කර දැක්වීමට ආදී කරුණු සඳහා ද රංගාලෝකය භාවිත කරනු ලැබේ.

මේ සටහන තුළින් රංගාලෝකය පිළිබඳ සංක්ෂිප්ත අදහසක් ඔබ වෙත ගෙන ඒමට මා අපේක්ෂා කළ අතර රංගාලෝකය පිළිබඳ සරල අවබෝධයක් සිසු දරු දැරියන් වන ඔබට ලබාදීම මගේ අරමුණයි නාට්‍යයක රංගාලෝකය පිළිබඳව ඇති එකම පරිශීලන මෙවලම මෙය නොවන අතර රංගාලෝකය පිළිබඳ ලිය වූ තවත් පොත් පත් ලිපි ආදිය පරිශීලනය කරමින් රංගාලෝකය පිළිබඳව ඔබගේ අවබෝධය තවත් පුළුල් කර ගන්නා ලෙස මතක් කරමි

ස්තූතියි.

Sunday, May 26, 2013




විෂය නිර්දේශගත මෙම අත් රෑකඩ ප්‍රසංගය වෙදිකා ගත කිරිම සදහා විමසන්න 0789599212

Sunday, April 15, 2012

Monday, March 14, 2011